2017/01/16

වස්තිගෙන් ඉරාජ්ට කනේ පහරක් | වටේ ගිහින් MUSIC VIDEO | වස්ති

වස්ති වටේ ගිහින් music video iraj jock පද රචනය lyrics

අද කාලෙ බහුතරයක් Music Video වල සාරාංශය තමයි ඔයා සතුටින් ඉන්න. මම මැරුණත් කමක් නැහැ. ආයෙත් එන්න කියන දේවල්. තවත් සම හරක් අය ඉන්නව හෙලුවෙන් කෙල්ලෙක්ව දම්මල Music Videos කරල ප්‍රසිද්ධ වෙන අය. ඒ සම්ප්‍රදායට යන හැමෝටම මේක කනේ පහරක් වෙයි කියල මම හිතනව. වස්ති ඔබට ස්තූතියි.


වෙන කෙනෙකුගේ හිත ළඟ ඔබ
ලැජ්ජා නැතුවම නතර වෙලා
තරුවක් වාගේ ඈතයි ඔබ මට
ඔරුවක් අරගෙන සොයමි ඔයා

හිතේ කහටක් නොමැත කිසිදා
සතුටින්ම ඉන්න අනේ ඔයා
වටේ ගිහින් ආවත් කමක් නෑ
බාර ගන්නම් ඔයා


2017/01/14

ලෝක ප්‍රසිද්ධ ආදර කතාව | LOVE WARNING | KAMIKAZE

dileepa saranga music video love story kamikeze warning mashup


ගොඩක් ගෑණු ළමයි කැමති නපුරු ආදරයකට හිමිකම් කියන්න. පිරිමි ළමයිනුත් කැමති නපුරු ආදරවන්තයෙක් වෙන්න. ඒ වගේ ආදර කතාවක් තියෙන video එකක් ළඟදි දිලීප සාරංගගෙ mashup video එකක තිබුණ මම දැක්ක. මේ තියෙන්නෙ ඒ video එක. දැනට ලොව වටා ප්‍රේක්ෂකයො 36,202,000ක් පමණ මේ video එක බලල තියෙනව. ඒත් ඔයා තාම බලල නැද්ද?


2017/01/13

ඝණැති රැවුලක් ලබා ගැනීමට | To Get A Thicker Beard


To get a thicker beard sinhala

අද කාලෙ හැම කොල්ලෙක්ම කැමති ඝණකමින් වැඩි තද කළු පාට මූණ පුරා වැවුණ රැවුලක් ලබා ගන්න. මොකද රැවුල වැවුවහම තමයි කොල්ලෙක්ගෙ කඩවසම් බාවය ගොඩක් මතුවෙල පේන්නෙ. ඒක නිසා ගැහැණු ළමුන්ගේ අවධානය දිනාගැනීමේ හැකියාව වැඩියෙන්ම තියෙන්නෙ ඝණ රැවුලක් තියෙන කොල්ලොන්ට. 


1. දෛනික ව්‍යායාම වල යෙදෙන්න

beard men workout exercise

ඝණැති රැවුලක් ඕනනම් මූලිකම දේ තමයි ව්‍යායාම වල යෙදෙන එක. ඔයා දැකල ඇති ඔයාගෙ scl එකේ ඒ කාලෙ cricket, football, rugger වගේ sports team වල හිටපු අයට ඝණ රැවුලක් තියෙනව. මොකක්ද ඇත්තටම රැවුලයි sports වලයි තියෙන සම්බන්ධය? ඒ දෙක සම්බන්ධ වෙන්නෙ ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනයත් එක්ක. ඒ හොමෝනය ශ්‍රාවය වෙන්නෙ sports කරද්දි. මොකද sports කරද්දි ඉක්මන් තීරණ ගැනීම්, මහන්සි වීම් වගේ දේවල් වලට අපේ ශරිරය හැඩගැස්සෙන්න ඕන නිසා. සමහර sports team වලින් නම් ඒ හෝමෝනය කෘතිමව සංශ්ලේශනය කරවන්න පිටි වර්ග එහෙම දෙනව.
ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය රැවුලෙ සෞඛ්‍යමත් භාවයයි වැවීමේ වේගයයි වැඩි කරනව. ව්‍යායාම නිසා රුධිර සංසරණ වේගය වැඩි වෙන නිසා රැවුලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන වේගය වැඩිවෙල රැවුලෙ ඝණකමයි ශක්තිමත් භාවයයි වැඩි වෙනව.



2. ආතතියෙන් මිදෙන්න

meditation beard men

ඔයා ඔයාගෙ ජීවිතේ ගැන ගොඩක් කල කිරීමෙන් ඉන්න කෙනෙක්නම් හැමදෙයක් ගැනම ඕනවට වඩා හිතන කෙනෙක්නම් ඔයාගෙ රැවුල ඝණවීම අඩු වෙනව. මොකද ආතතියෙන් ඉන්නකොට ඔයාගෙ ශරීරයේ කෝටිසෝල් හෝමෝනය වැඩි වෙනව. මේ හෝමෝනය "ආතති හෝමෝනය" කියලත් හඳුන්වනව. කෝටිසෝල් හෝමෝනය ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය වීමට බාධා කරනව. ආතතියෙන් ඉන්නකොට රුධිර සංසරණ වේගයත් ඒ වගේම අඩු වෙල ලෙඩ රෝග සෑදීමේ ඉඩකඩත් වැඩි වෙනව. එතකොට ශරීරයේ තියෙන ප්‍රෝටීන ඒ ලෙඩ රෝග වලට එරෙහිව ප්‍රතික්‍රියා කරනව. ඒක නිසි රැවුලෙ ඝණකම අඩු වෙනව.
ඔයා නිතරම ආතතියෙන් ඉන්න කෙනෙක්නම් උදේට භාවනා කරන්න පුරුදු වෙන්න. හැම දේකින්ම හිත නිදහස් කරගෙන හෙට මැරුණත් කමක් නැහැ කියල විනෝදෙන් ඉන්න. ඔයා දැකල ඇති ඉන්දියාවෙ ඍෂි වරයන්ගෙ, ලංකාවෙ භාවානායෝගී තුමන්ලගෙ රුවුල්.



3. විවේකය වැඩියෙන් ගන්න

sleeping beard men

නින්දෙදි තමයි ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය වැඩියෙන්ම ශ්‍රාවය වෙන්නෙ. රැවුල සාමාන්‍යයෙන් අඩුවෙන් වැවෙන කෙනෙක්නම් දවසට පැය 8ක්වත් නිදා ගන්න ඕන. ලංකාවෙ ගොඩක් පිරිමි අය පුරුද වෙල තියෙන්නෙ දවසට පැය 5ක් වගේ නිදා ගන්න. ඒ අයගෙ හෝමෝන නිශ්පාදනය අනිත් අයට වඩා 15%ක් අඩුයි කියල සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනව. විවේකය වැඩි වෙන්න වෙන්න රැවුලෙ කෙස් හිඟ තැන් අඩු වෙනව. ඒ වගේම ආතතියත් අඩු කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි විවේකය වැඩි කරන එක.
ඒ විදිහට කරහම ඔයාගෙ මුහුණෙ කිසිම හිඩැසක් නැති විදහට මුහුණ පුරාම රැවුල වවා ගන්න පුළුවන් වෙයි.


4. රැවුල නිදහසේ වැවෙන්න දෙන්න.

beard washing

ගොඩක් පිරිමි අය කරන දෙයක් තමයි රැවුලෙ ඝණකම නැති උනහම හැමදාම රැවුල කපන එක. හැමදාම රැවුල කැපුවහම රැවුල වේගෙන් වැවෙනව කියල කිසිම විද්‍යාත්මක සොයාගැනීමක සඳහන් වෙල නැහැ. රැවුල පුළුවන් තරම් දිගට වවන්න. එතකොට තමයි රුවුලෙ මුල මහත් වෙන්නෙ. හැමදාම වගේ රැවුලට style කරන්න යන්නත් එපා.
මාස 2ක් විතර එක දිගට රැවුල වවන්න පුරුදු වෙන්න. රැවුල හෝදද්දි හිස්හොරි මර්ධනය වන ෂැම්පු එකක් භාවිතා කරල උණු වතුරෙන් හෝදන්න. එතකොට රැවුල එන්න තියෙන තැන් වල සිදුරු විවෘත වෙනව.


5. අහාර ගැන සැලකිලිමත් වෙන්න.

foods

අහාර වලට එළවළු පළතුරු වගේ විටමින් අධික දේවල් එකතු කරගන්න. මොකද විටමින් වලින් තමයි ඔයාගෙ සෞඛ්‍ය සම්පන්න බව රැඳිල තියෙන්න. හැම දේකටම වැදගත් වෙන්නෙ සෞඛයමත් භාවය. ඒ වගේම රැවුලෙ සෞඛ්‍යමත්භාවයත් රැඳිල තියෙන්නෙ විටමින් මත. 
විටමින් වලින් සෞඛයමත්භාවය රැඳිල තියෙනව වගේම ප්‍රෝටීන් වලින් රැඳිල තියෙන්නෙ ශරීරයේ වර්ධනය හා ශක්තිමත්භාවය. රැවුලෙ වර්ධනයටත් අවශ්‍ය වෙන්නෙ ප්‍රෝටීන්. ධාන්‍ය වර්ග, කිරි, බිත්තර වගේ දේවල් කෑමට එකතු කර ගත්තහම අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්.


6. කෘතිම අතිරේකන ගැනීම

vita-beard to growing faster

රැවුලට ඍජු බලපෑමක් කරන්න පුළුවන් වෙන්නෙ කොපර්, සින්ක්, මැග්නීසියම්, විටමින් බී, යකඩ, විටමින් ඩී, විටමින් ඊ වගේ දේවල් වලට. ඇත්තෙන්ම මේ හැම දෙයක්ම වගේ දෛනික කෑම වේලක අඩංගු වෙන්නෙ නැහැ. ඒක නිසා බහුතරයක් තරුණයන් පුරුදු වෙල තියෙනව කෘතිම අතිරේකන ලබා ගෙන රැවුල වවා ගැනීමට. Vita-Beard, Biotin වගේ නිෂ්පාදන ලබා ගෙන මාසයක් වැනි කෙටි කාලයකදී රැවුල වවාගන්න පුළුවන්. මෙම අතිරේකන මිල අධිකයි. රු.1000/= ත් රු 3000/= ත් අතර මුදල් ප්‍රමාණයක් මෙම අතිරේකන වලට වියදම් කරන්න වෙනව.

උපුටා ගැනීම:- අන්තර්ජාලයෙනි.

2017/01/12

Hithak Thibuna | Nadeeka Guruge | හිතක් තිබුනා | නදීක ගුරුගේ | Download | MP3 | Lyrics

හිතක් තිබුණා මටත් පෙම් කරනා
හිතන් උන්නා ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ ඈ යාවි යැයි හැරදා
ඉල් මහේ සඳ සේ ඈ ගියා මැකිලා

කලක් තිබුණා ඉමක් නොදකිනා //
අනත් සුවයක පහස සොයනා
අද වසක් විසක් සේ දැනුණාට ඔබට මා

මහා කඳුලක ළතැවුල් සඟවා //
පාළු අඳුරක ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු ඇන ගනිමි හැම රෑ

ගායනය: - නදීක ගුරුගේ

Hithak Thibuna | Nadeeka Guruge | හිතක් තිබුනා | නදීක ගුරුගේ | Download | MP3 | Lyrics

Hithak Thibuna Matath Pem Karana
Hithan Unna Ae Magema Kiyala
Hithuwewath Na Ae Yaawiyayi Harada
Il mahe Sanda Se Ae Giya Makila..

Kalak Thibuna Imak Nodakina
Anath Suwayaka Pahasa Soyana
Ada Wasak Visak Se Danunata Obata Ma..

Maha Kandulaka Lathawul Sangawa
Palu Anduraka Guliwa Hinda Ma
Obe Wadan Pihi Thudu Ana Ganimi Hama Rae..

Artist - Nadeeka Guruge

2017/01/11

Malak Pipuna Se | Samantha Perera | මලක් පිපුණා සේ | සමන්ත පෙරේරා | Download | Lyrics | MP3

මලක් පිපුණා සේ වසත් කාලයේ
ඔබයි ඇවිත් හිනහුණේ වළාකුලක් සේ
පාවෙලා ඔහේ
නුඹ නොවේද හැර ගියේ

තාරුකා වලින් අසා ඔබ සොයන්නදෝ
සිව් දිශාන්තයේ හඹා දුක කියන්නදෝ

මලක් පිපුණා සේ...

සයුරු රළ වගේ ඔබ දකින්නදෝ
මිරිඟුවක් කියා සිත නිවන්නදෝ

මලක් පිපුණා සේ....

ගායනය- සමන්ත පෙරේරා

Malak Pipuna Se Lyrics Samantha Perera Mp3 Download

Malak Pipuna Se Wasath Kalaye
Obayi Avith Hinahune Walakulak Se
Pawela Ohe
Numba Noveda Hara Giye

Tharuka Walin Asaa Oba Soyannadoo
Siwu Dishanthaye hambaa Duka Kiyannadoo
Malak Pipuna Se....

Sayuru Rala Wage Oba Dakinnadoo
Miriguwak Kiya Sitha Niwannadoo
Malak Pipuna Se...

Artist- Samantha Perera


රමයාගේ ගුබ්බෑයම

menu icon